― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමත්ද්‍රව්‍ය කාර්යංශයේ ලක්ෂ 26ක් අතුරුදන්

මත්ද්‍රව්‍ය කාර්යංශයේ ලක්ෂ 26ක් අතුරුදන්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර් යංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇති බව පොලිස් ආරංචිමාර් ග පවසයි.

උප සේවා නිලධාරීන් භාරයේ තිබූ මෙම මුදල් මීට සති දෙකකට ඉහතදී අස්ථානගත වී ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිඳු පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වී නොමැත.

වෙනත් වැටලීමකින් පොලිස් භාරයට ගන්නා ලද මුදල්වලින් අස්ථානගත වු මෙම මුදල් තොගය පියවා ඇතත් මෙම සොරකම වසන් කිරීමට එහි ඇතැම් නිලධාරීන් උත්සාහයක් ගන්නා බව අභ්‍යන්තර ආරංචිමාර් ග සඳහන් කරයි.