27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේන ජනපති රිය අනතුරකින් තුවාල ලබයි

යුක්‍රේන ජනපති රිය අනතුරකින් තුවාල ලබයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලබා ඇති බව යුක්රේන මාධ්‍ය වාර් තා කරයි.

ඔවුන් වැඩිදුරටහ් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ද පිරිවරා ගනිමින්, රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටියදී වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත.

එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාල සිදුව ඇති අතර ඔහුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කී පරීක්ෂාවට ලක් කරමින් ඔහුගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර් ග් නිකිෆරෝව් වැඩිදුරටත් අවධාරණය කළේය.