27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරුන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න එපා - දමිතා අබේරත්න

හොරුන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න එපා – දමිතා අබේරත්න

තමා කළේ මිනිස්සුන්ගෙන් පොලීසිය බේරාගත් එක බවත් හොරුන්ව ආරක්ෂා කිරීමට කිසිවිටෙකත් ඉදිරිපත් නොවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න පැවසුවාය.

ඊයේ (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

මම හිතනවා ඔබතුමාට හොඳ ආත්ම ශක්තියක් තියෙන, හොඳ කොඳු නාරටියක් තියෙන නායකයෙක් කියලා. පුළුවන් නම් ඉෂ්ට කරලා පෙන්වන්න රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම්. මම ඇත්තටම ඔය කියන කිසිම චෝදනාවකටවත් වැරදිකරුවෙක් නොවන කෙනෙක්. මම පොලීසිය මිනිස්සුන්ගෙන් බේරගත්ත එක තමා කරේ. මම කවදාවත් පොලීසියට වචනයක් කියලා බනින්න කාටවත් ඉඩක් දුන්නෙත් නෑ. මම කිව්වා ඔය යුනිෆෝම් ඇතුළේ අපි වගේම මනුස්සයෙක් ඉන්නවා. ඔය යුනිෆෝම් එක ඇඳලා හිටියේ නැත්නම් ඔය මිනිස්සුත් අපිත් එක්ක හිටගන්නවා. ඒ නිසා ඔය මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ කියලා මම ඒ මිනිස්සුන්ව බේරගත්ත එක හැමතැනම කළේ. එහෙම බේරගත්ත මට, මගේ අම්මාගේ ඇස්වලින් ගිය කඳුළුවලට වන්දි ගෙවන්නම වෙනවා අනිවාර්යයෙන්ම. හුස්ම ගන්නකල් ෆයිට් කරනවා.