31.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්වයට දින නියම වෙයි

උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්වයට දින නියම වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 04 වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වී 2023 වසරේ ජනවාරි 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග පැවැත්වෙන මෙම දිනවල කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග අපේක්ෂකයන් විදුහල්පතිවරුන් ගුරු භවතුන් සහ දෙමව්පියන් වෙත දැනුම් දෙනු ලබයි.