26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නිවසට ඇතුළු වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ජනපති නිවසට ඇතුළු වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපල සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුවේ නිලධාරීන් විසින් (15) ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.