― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආගමික ස්ථානවල විදුලි ගාස්තු සංශෝධනය කරන්නැයි ඉල්ලයි

ආගමික ස්ථානවල විදුලි ගාස්තු සංශෝධනය කරන්නැයි ඉල්ලයි

ආගමික ස්ථානවල විදුලි ගාස්තු සංශෝධනය කරන ලෙස ඉල්ලීමක් කළද මේ දක්වා බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව අස්ගිරි පාර් ශවයේ මහලේකම් මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම් විහාරස්ථානවල විදුලි බිල්පත් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ආගමික ස්ථානවල සූර් ය පැනල සවිකිරීම වැනි විකල්ප ක්‍රියාමාර් ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් එම හිමියෝ වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය අනුව විහාරස්‌ථානවල විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදග්තව ඇති බව උන්වහන්සේ පැවසූහ.