32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්ස්ප්‍රස් පර් ල් නෞකාවේ වන්දි ගැනීමට විගණකාධිපති උපදෙස්

එක්ස්ප්‍රස් පර් ල් නෞකාවේ වන්දි ගැනීමට විගණකාධිපති උපදෙස්

මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර් ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියා පටිපාටි සලකා බලන ලෙස විගණකාධිපතිවරයා උපදෙස් දී තිබේ.

විගණකාධිපති සුලන්ත වික්‍රමරත්න පැවසුවේ එක්ස්ප්‍රස් පර් ල් නෞකාවේ අලාභහානි තක්සේරු කිරීම සහ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර් ශව මතු කළ ගැටලු සලකා බැලීමෙන් අනතුරුව මෙය සිදු කළ බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පදනම් කර ගනිමින් එක්ස්ප්‍රස් පර් ල් යාත්‍රාවට සිදුවූ හානියට අදාළ වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව විගණකාධිපතිවරයා පවසා තිබේ.

එක්ස්ප්‍රස් පර් ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී මේ වන විට වසරකුත් මාස 3 කට වැඩි කාලයක් ගතවී ඇත. නෞකාවේ තිබී අනතුරුදායක භාණ්ඩ අඩංගු කන්ටේනර් 81ක් සොයාගෙන ඇති අතර නයිට්‍රික් අම්ලය ටොන් 25ක්ද සොයා ගෙන තිබේ.

නෞකාවේ ගින්න හේතුවෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද මුහුදුබඩ ප්‍රදේශය දක්වා කිලෝමීටර් 746ක් පමණ විනාශයට ලක්විය.