29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහතට

එළවළු මිල පහතට

එළවළු තොග සැපයුම ඉහළ යාම හේතුවෙන් ඊයේ (18) දේශීය ලොකු ලූනු සහ එළවළු තොග මිල පහළ ගිය බව දඹුල්ල තොග එළවළු වෙළෙන්දෝ පැවසූහ.

ඒ අනුව බෝංචි සහ මාළු මිරිස් හැර උඩරට, පහතරට, යාපනය, වයඹ පළාත්වලින් ලැබුණ එළවළුවල තොග මිල පහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර් ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක පැවසීය.

රුපියල් 80ත් 90ත් අතර තොග මිලක් තිබූ කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක් ඊයේ රුපියල් 35ත් 40ක් දක්වා පහළ ගිය බවත් බෝංචි කිලෝවක් රුපියල් 400ත් 450ත් මාළු මිරිස් කිලෝවක් රුපියල් 600ත් 650ත් අතර මිලකට අලෙවි වූ බවත් ඔහු පැවැසීය.

තවද අමු මිරිස් තොග මිලද රුපියල් 450 සිට රුපියල් 200ක් දක්වා පහළ ගොස් ඇත.