23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරුන්ට ලබාදෙන වැටුප ප්‍රමාණවත් නැහැ - ජෝසප් ස්ටාලින්

ගුරුවරුන්ට ලබාදෙන වැටුප ප්‍රමාණවත් නැහැ – ජෝසප් ස්ටාලින්

පවතින ආර් ථික අර් බුදය හමුවේ ගුරුවරුන්ට ලබාදෙන වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

දේශපාලනඥයන් විසින් ආර් ථික අර් බුදයේ ගිලී සිටින ජනතාවගේ බදු මුදල් භුක්ති විඳිමින්, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරමින් සිටින බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දිනෙක ආණ්ඩුව විසින් අරගලය විනාශ කරන බවත් රටේ ජනතාවගේ විරෝධය නිසා ශ්‍රී ලංකාවට පැමිණ ජනතා බදු මුදල් භුක්ති විඳිමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම කණ්ඩායම ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර් ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.