27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගොවියටත් කාර් එකේ යා හැකි ආර් ථිකයක් ගොඩනගනවා

ගොවියටත් කාර් එකේ යා හැකි ආර් ථිකයක් ගොඩනගනවා

ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට තමන් නිරතුරුව සටන් කරන බව වාරිමාර් ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති රැස්වීමකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

වී ගොවීන් වන ඔබ රුපියල් 150,000-200,000 උපයා ගන්නත් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන්න ඕනේ. ඒක අපිට මෙතනින් පැහැදිලිවම පේනවා. ඔබලාට අඩුම තරමේ කාර් එකකවත් යාමට හැකි ආරථික තත්ත්වයක් සාදා දීමට මං නිරන්තරයෙන් සටන් කරනවා.

අපි ඔබලාට අවශ්‍ය පොහොර සැපයීමට කටයුතු යොදා තිබෙනවා. කෘෂිකර් ම අමාත්‍යාංශය සහ පොහොර ලේකම් කාර් යාලය සමඟ සාකච්ඡා කර වගා කටයුතු ආරම්භ කිරීමට සැලැස්මක් සකස් කර තිබෙනවා. පළමු සති දෙකේදී ඉන්දියාවෙන් ගෙනා පොහොර ප්‍රමාණය ලබාදී ඔබලාගේ ගැටලුව විසඳීමට පියවර ගන්නවා.