28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් කාන්තාවන්ට සහනයක්!

ජනපතිගෙන් කාන්තාවන්ට සහනයක්!

කාන්තා සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑම හේතුවෙන් කාන්තාවන් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට විසඳුම් ලබාදීමට වහාම ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇති බව වාර් තා වෙයි.

ඒ අනුව දැනට සනීපාරක්‍ෂක තුවා සම්බන්ධයෙන් පනවා ඇති බදු කිහිපයක්ම ඉවත් කෙරෙන අතර කාන්තා හා ළමාරක්‍ෂක වැඩබලන කැබිනට් ඇමැතිනි ගීතා කුමාරසිංහ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා සිසුවියන් පාසල් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් මේ සනීපාරක්‍ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බවත් කාන්තාවන්ගේ සනීපාරක්‍ෂාවට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළාය.