27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalනව දේශපාලන බලවේගයක් ඇති කරනවා - පාඨලී චම්පික

නව දේශපාලන බලවේගයක් ඇති කරනවා – පාඨලී චම්පික

රටට ගැලපෙන නව මධ්‍යස්ථ දේශපාලන බලවේගයක් ඉදිරියේදී ගොඩනැගෙන බව පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී ච්ම්පික රණවක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අඩහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

ජනතාවට දැන් පක්ෂ ගැන කිසි විශ්වාසයක් නැහැ. ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා පාර් ලිමේන්තුව තුළ මධ්‍යස්ථ දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 108ක් සිටිනවා. එය 113 දක්වා වැඩි කළ යුතුයි.

රට අර් බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩ භාරගෙන තිබෙනවා. ගමන සාර් ථකව කරගෙන යාමට ජනතාව කාලය ලබාදී තිබෙනවා. එය ඉටු නොකළහොත් ජනපතිට එරෙහිව ජනතා විරෝධයක් මතුවීමට ඉඩ තිබෙනවා.