23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණේ දින තුනක ආදායම මිලියන 07 පනී

නෙළුම් කුළුණේ දින තුනක ආදායම මිලියන 07 පනී

මේ දක්වා වැඩිම ජනතාවක් කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණියේ ඊයේ (18) බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසයි.

ඊයේ රාත්‍රී 8 වන විට ප්‍රවේශපත් 6800කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබූ අතර විශාල පිරිසක් පැමිණීමත් සමඟ නෙළුම් කුළුණ තුළ තදබදයක්ද හට ගෙන තිබේ.

ඉන් අනතුරුව තදබදය පාලනය කිරීම සඳහා එහි පරිපාලන නිලධාරීන විසින් ඊයේ (18) අවස්ථා කිහිපයකදී ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

පසුගිය 15 වැනිදා නෙළුම් කුළුණ විවෘත කළ අතර එදින සිට සෙනසුරාදා දක්වා කාලය තුළ රුපියල් මිලියන 07ක ආදායමක් උපයා ඇති බව එහි ප්‍රධාන පරිපාලන නිළධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සදහන් කළේය.