― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබන්ධනාගාරගත වන රැඳවියන් ගණන ඉහළට

බන්ධනාගාරගත වන රැඳවියන් ගණන ඉහළට

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැදවියන්ගේ වර් ධනයක් දක්නට ඇති බව බන්ධනාගාර දෙපාර් තමේන්තුව පවසයි.

දිවයිනේ සමස්ත බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13200කට ආසන්න වුවද දැනට බන්ධනාගාර ගතව 24000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව එම දෙපාර් තමේන්තුව සඳහන් කරයි.

එය ප්‍රතිශතයක් ලෙස පොදුවෙන් සියයට 180 ඉක්මවා ඇති බවත් ඇතැම් බන්ධනාගාරවල සියයට 200, 300 ඉක්මවා රැඳවියන් ප්‍රමාණයක් රඳවා සිටින බවත් ඔවුන් අවධාරණය කළේය.

බන්ධනාගාරගත රැඳවියන් අතරින් වැඩි ප්‍රමාණයක් සැකකරුවන් වන අතර මේ වන විට සැකකරුවන් 15000කට ආසන්න ප්‍රමාණයක් බන්ධනාගාරවල රඳවා තිබේ.
එම පිරිසෙන් 7500කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවන්ට ලක්වූවන්ය.