29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ රැජිනගේ රාජකීය අවමංගල උත්සවය අදයි

මහ රැජිනගේ රාජකීය අවමංගල උත්සවය අදයි

දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අවමගුල් උත්සවය අද (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම දේව මෙහෙය ලංකාවේ වේලාවෙන් සවස 3.30 පමණ ආරම්භ වීමට නියමිතය. දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා කාලතුවක්කු වාහනයක තැන්පත් කර රැගෙන ඒමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම දේව මෙහෙය පැයකට ආසන්න කාලයක් පැවැත්වේ.

රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසින් මෙය ඇදගෙනයනු ලබයි. මෙම පෙරහර වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටත්වන්නේ ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට පමණය.

මේ වනවිට එම අවමඟුල් උත්සවය වෙනුවෙන් ඉතා විශාල ආරක්ෂාවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.