29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලබන මාසයේදී පැය 08ක විදුලි කප්පාදුවක්?

ලබන මාසයේදී පැය 08ක විදුලි කප්පාදුවක්?

නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් මෙතෙක් නිසි එකඟතාවකට පැමිණ නොමැති බව ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම දැනුම් දී තිබේ.

ගල් අඟුරු ආනයනය කිරීමට එකඟ වූ සමාගමෙන්ම ගෙන්වන්නේද නැතිනම් නැවත ටෙන්ඩරය කැඳවන්නේද යන්න නිශ්චිතව කිව නොහැකි බව සමාගමේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය අද (19) අවසන් තීරණයකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ඔක්තොම්බර් මස අවසන් වන විට අවශ්‍ය ගල් අඟුරු ආනයනය නොකළහොත් පැය 8කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් ගල් අඟුරු සමාගම ප්‍රකාශ කළේ මෙම ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් 20 වැනිදා දක්වා පමණක් බවයි.