29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි කප්පාදුව දීර් ඝ වෙයි?

විදුලි කප්පාදුව දීර් ඝ වෙයි?

මේ දිනවල ප්‍රමාණවත් වර් ෂාපතනයක් නොලැබෙන හෙයින් ජල විදුලි බලාගාර ආශ්‍රිතව ජල සංචිත ක්‍රමයෙන් පහළ බැස ඇති බවත් ඒ අනුව සියයට 85ක්ව පැවති සංචිතය මේ වනවිට සියයට 80 දක්වා පහළ බැස ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පසුගිය සති කිහිපයේ ප්‍රමාණවත් වර් ෂාපතනයක් ලැබීම හේතුවෙන් සියයට 80 කට ආසන්නව විදුලි නිෂ්පාදනයක් සිදු කළේ ජලයෙන් බවත් දැන් මේ වනවිට ජලයද සීමා වීමේ තත්ත්වයක් මතුවී ඇති බවත් ජල සංචිත තව තවත් පහළ යෑමේ අවදානමක් ඇති බැවින් තිබෙන සංචිත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා ඉතාමත් ඉක්මනින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයීම මේ අවස්ථාවේ වැදගත්ම කරුණක් බවත් බලාගාර ඉංජිනේරුවන් අවධාරණය කරයි.