― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආගමික ස්ථානවලට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ!

ආගමික ස්ථානවලට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ!

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් පමණක් අඩු මුදලට විදුලිය උත්පාදනය කරන බලාගාර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (20) පාර් ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විසින් ආගමික ස්ථානවල විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ගැටලුව සඳහා පිළියමක් ලෙස ආගමික ස්ථානවලට සෝලා පැනල සවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් ඒවා මෙරටට ආනයනය කර ගැනීම සඳහා විදේශ විනිමය ගැටලුවක් පවතින බැවින් ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කොට ණය මාර් ගයක් ආශ්‍රයෙන් එම ව්‍යාපෘතිය දියත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලවකවානුවේදී ආගමික ස්ථාන සඳහා විදුලි සහන ලබා දීමට කටයුතු කළේ වෙනත් විදුලි ඛාණ්ඩ යටතේ ඒ වියදම පියවා ගැනීම තුළින් බව පැවසූ කංචන විජේසේකර කියා සිටියේ මෙවර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එම ක්‍රමවේදයෙන් බැහැර වීම නිසා මෙලෙසෙ ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ ගොස් ඇති බවයි.