23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආහාර උද්ධමනයෙන් ලොව සිව්වැනි තැන ලංකාවට

ආහාර උද්ධමනයෙන් ලොව සිව්වැනි තැන ලංකාවට

ආහාර මිල උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පැමිණ ඇති බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ නවතම වාර් තාවෙන් අනාවරණය කරයි.

එහිදී අනාවරණය වී ඇති පරිදි උද්ධමනය 353%ක් වන සිම්බාබ්වේ පළමු ස්ථානයට පත්ව ඇති අතර ලෙබනනය 240%ක් සමග දෙවන ස්ථානයට පත්ව ඇත. වෙනිසියුලාව 131% උද්ධමන අගයක් සමඟ තුන්වන ස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව එහි සිව්වැනි ස්ථානය ගනියි. ඒ 91% උද්ධමන අගයක් වාර් තා කරමිනි.

ලෝක බැංකුවේ දත්තවලට අනුව 2021 සැප්තැම්බර් මාසයේදී 9.9% ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ 45.1%ක් වශයෙන්ද, 2022 ජූලි මාසයේ 90.9%ක් දක්වාද මාස හතරක කාලසීමාවක් ඇතුළත විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ උද්ධමනය ලොව පුරා ඉහළ මට්ටමක පවතින අතර අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සියල්ලේම පාහේ ඉහළ ආහාර මිල උද්ධමනයක් අඛණ්ඩව පවතින බවයි.