― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉදිරියේදී මීටත් වඩා ගැටලුවලට මුහුණදෙන්න වේවි - කතානායක

ඉදිරියේදී මීටත් වඩා ගැටලුවලට මුහුණදෙන්න වේවි – කතානායක

රටේ පැවතුණු ගැටලුකාරී තත්ත්වය හා පීඩනය තාවකාලිකව සමනය වී ඇතත් ඉදිරියේදී මීටත් වඩා ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බැව් කථානායක මහින්ද යාපා අබේවර් ධන පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති එප්පල සෝරත නාහිමියන්ට ගාල්ල මාතර දෙපළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේද කීය.

රටේ පාලකයා පාලනය අත්හැරලා යනවා කියන්නේ මොනතරම් තත්ත්වයක් රටේ තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ නැතිව හිටපු ගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් පීඩනයක් රටේ තියෙන්න ඇද්ද? ඒ පීඩනය ගැටලුව නැතිවුණේ නැහැ. ඒක තාමත් තියෙනවා. තාවකාලිකව යටපත් වීමක් පොඩි සමනය වීමක් වෙලා තියෙනවා.

මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු සියලු දෙනාගේ විදුලි බිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි. වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්චි කිරීමට සිදුවෙලා. නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට එක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථාන. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි. ඉදිරියේදී ජනාධිපති, අගමැති, විදුලිබල ඇමැති සමග සාකච්ඡා කරලා විහාරස්ථාන සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරනවා.