26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු අප්‍රිකා T20 තරඟාවලියට දිල්ෂාන් සහ කුසල් වෙන්දේසි වෙයි

දකුණු අප්‍රිකා T20 තරඟාවලියට දිල්ෂාන් සහ කුසල් වෙන්දේසි වෙයි

මෙරට ක්‍රීඩකයන් දෙදෙනෙක් වන දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස් ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත එරට විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා වන වෙන්දේසියේදී අලෙවි වී තිබේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 85කට සහ දිල්ෂාන් මධුසංක රුපියල් ලක්ෂ 56කට ඊයේ (19) කේප් ටවුන් නගරයේදී පැවති වෙන්දේසියේදී අලෙවි වී ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස්ටන් ස්ටබ්ස් මෙම වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි විය. මෙම තරගාවලියට කණ්ඩායම් හයක් එක්වීමට නියමිතය.