24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාරාහෙන්පිට වෙඩි තැබීමක්

නාරාහෙන්පිට වෙඩි තැබීමක්

කොළඹ නාගරික මන්ත්‍රී සුනන්ද පතිරණ ඊයේ (19) උදෑසන නාරාහෙන්පිට දාබරේ මාවතේ මාවතේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇත.

වැලිගම ආරච්චිගේ සජිත් සුරංග නම් අයෙකුට ඔහු මෙසේ වෙඩි තබා ඇති අතර කෙසේ හෝ වෙඩි උණ්ඩ දෙකෙන් මෙම පුද්ගලයා බේරී ඇත.

නමුත් වෙඩි උණ්ඩ දෙකකින් බේරුන ඔහුට නාගරික මන්ත්‍රීවරයාගේ රියදුරු රාජිත නම් අය විසින් මන්නා ප්‍රහාර හතරක් එල්ල කොට ඇත. එම ප්‍රහාර හේතුවෙන් වැලිගම ආරච්චිගේ සජිත් සුරංග බරපතළ තුවාල ලබා ඇත. මේ වන විට ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී නාගරිකව මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම සත්‍යක් බව පිළිගත්තේය.
කෙසේ වුවද මෙම සිද්ධිය යට ගැසීමට බරපතළ හස්තයක් ක්‍රියාත්මක වන බව වින්දිතයාගේ පාර්ශවයෙන් චෝදනා කරයි. සුනන්ද පතිරණ නාගරික මන්ත්‍රීවරයා පෙර වැරදි රාශියකට චෝදනා ලබා සිටින අයෙකි.