27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් නැතිකමෙන් රාජ්‍ය ආයතන දැඩි අර් බුදයකට

මුදල් නැතිකමෙන් රාජ්‍ය ආයතන දැඩි අර් බුදයකට

මුදල් නොමැති වීම හේතුවෙන් අමාත්‍යංශවල, දෙපාර් තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර් තා වෙයි.

මේ තත්ත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමද බරපතළ ගැටලුවක් වී තිබේ. ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම අත්‍යවශ්‍ය සේවකයන් සඳහා අතිකාල දීමනා ගෙවීම් ආදියද බරපතළ ගැටලුවක් වී ඇතැයි ආයතන ප්‍රධානීන් පවසයි. අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර් බුදයක් වී ඇතැයි වාර් තා වෙයි.

මේ අතර සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර් ග, නිවාස ආදී අමාත්‍යාංශවල කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචිමාර් ග සඳහන් කරයි.