27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට ඖෂධ විකුණන ඖෂධහල් සොයා වැටලීම්

වැඩි මිලට ඖෂධ විකුණන ඖෂධහල් සොයා වැටලීම්

වැඩි මිලට බෙහෙත් අලෙවි කරන ඖෂධ අලෙවිසල් සොයා මේ වන විට දිවයින පුරා මෙහෙයුම් දියත් කර ඇති අතර ඒ අනුව ඊයේ (19) හපුතලේ, බණ්ඩාරවෙල සහ බදුල්ල යන ප්‍රදේශවල ඖෂධ අලෙවිසල් පරීක්ෂා කර තිබේ.

ඖෂධවල මිල වෙනස් කිරීමට අලෙවිසල් හිමියාට කිසිදු අයිතියක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ආනයනකරුට සහ එහි නිෂ්පාදකයාට පමණක් ඖෂධවල මිල වෙනස් කිරීමට අයිතියක් ඇති බවයි.

පවතින ඖෂධ හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඖෂධ අලෙවිසල් හිමියන් ඖෂධවල මිල වෙනස් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව මෙම මෙහෙයුම් සිදුකරනු ලබයි.