30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල්වලට තවත් බද්දක්

සහල්වලට තවත් බද්දක්

ලබන මස 01 වැනිදා සිට සහල් කිලෝවකට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් ගෙවීමට සිදුවී ඇති බවත් එම බදු මුදල සහල් කිලෝවට එකතු කිරීමට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පව්සයි.

සහල් මිල අසීමිත ලෙස ඉහළ යාමට හේතුව මහා පරිමාණ සහල් මෝල් හිමියෙකුගේ තක්කඩිකම බව යැයි පැවසූ ඒ මහතා කියා සිටියේ සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.

කෘෂිකර් ම අමාත්‍යාංශයේ සුදු කරපටිකරුවන් දෙපැත්තේම කටවල් වසාගෙන බලාගෙන හිටියා රට සහල් ටික එනතුරු. ඒ නිසා ලංකාව උකසට තියලා අනවශ්‍ය ලෙස ණයට පිටරටින් සහල් ගෙනාවා. මිනිස්සුන්ට කන්න නැති වෙලාවක රටේ තියෙන සහල් ටික කුකුළු ආහාරවලට ලබා ගැනීමට උත්සාහ කිරීම සාපරාධීයි. මහින්ද අමරවීර ඇමැතිවරයා කාලා තියෙන්නේ ලණුවක්.