28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගේ තනතුරු මෛත්‍රී ගලවයි

ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගේ තනතුරු මෛත්‍රී ගලවයි

ආණ්ඩුවේ තනතුරු ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ ධුරවලින් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිස්ත්‍රික් නායකත්ව, ආසන සංවිධායක ධුර ඇතුළු සියලුම තනතුරුවලින් සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කිරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබේ.

මේ බව අදාළ මන්ත්‍රීවරුන්ට ලිපි මගින් දැනුම්දීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර් ලිමේන්තුව නියෝජනය කරන අතර මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන් රාගවන්, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය යන අය ආණ්ඩුවට සම්බන්ධ වෙමින් අමාත්‍ය ධුර ලබා ගත්හ.

ඒ අනුව ඔවුන් නිදහස් පක්ෂයේ මෙතෙක් දැරූ සියලු තනතුරු සහ මධ්‍යම කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉවත් කරනු ඇත.