28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ධීවරයන්ට භූමිතෙල් විකිණීමේ ජාවාරමක්

ඉන්දීය ධීවරයන්ට භූමිතෙල් විකිණීමේ ජාවාරමක්

ධීවරයන් සඳහා නිකුත් කරනු ලබන භූමිතෙල් ඉන්දීය ධීවරයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ධීවර සංස්ථාවේ ඉල්ලීමකට අනුව මෙම වසරේ මැයි මාසයෙන් පසු භූමිතෙල් වැඩි ප්‍රමාණයක් ධීවරයන් වෙනුවෙන් ලබාදුන් අතර එම භූමිතෙල් මුහුදේදී ඉන්දීය ධීවරයන්ට අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ යැයි පැමිණිළි ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

රුපියල් 87ක්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල පසුගිය අගෝස්තු 21 වැනිදා සිට රුපියල් 340ක් දක්වා ඉහළ දමනු ලැබීය.