32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඑයාලට රට සවාරි යන්න ඕනේ තරම් ඩොලර් තියෙනවා - විමල් වීරවංශ

එයාලට රට සවාරි යන්න ඕනේ තරම් ඩොලර් තියෙනවා – විමල් වීරවංශ

එදා වේල ටුවර් ස්වලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි බවත් පාලකයන්ට විදේශ ගමන් සඳහා ඕනෑ තරම් ඩොලර් තිබෙන බවත් පාර් ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පාර් ලිමේන්තුවේ පැවති ජාතික සභාව යෝජනාව පිළිබඳ විවාදයේදීය.

රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත් එවැනි විනාශ හරහා රටේ අඳුරු තත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ජනතාවගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නය විසඳීමට විධිමත් විද්‍යාත්මක සැලැස්මක් තිබිය යුතු බව පැවසූ විමල් වීරවංශ කියා සිටියේ බඩගින්න නිවන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවයි.