27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑරෝෆ්ලොට් යළි ගුවන් ගමන් අරඹයි

එරෝෆ්ලොට් යළි ගුවන් ගමන් අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව එරෝෆ්ලොට් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් නැවත එරෝෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට දුන් පොරොන්දුව මත ලබන මස සිට ගුවන් ගමන් ආරම්භ කරන බව එරෝෆ්ලොට් ගුවන් සමාගම එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

උසාවි නියෝගයක් මත පසුගිය ජූනි මාසයේ එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා ගත් අතර ඒ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවීමට රුසියානු සමාගමෙ පියවර ගත්තේය.