― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඕනෑම අවස්ථාවක මැතිවරණය පැවැත්විය හැකියි - මැතිවරණ කොමිසම

ඕනෑම අවස්ථාවක මැතිවරණය පැවැත්විය හැකියි – මැතිවරණ කොමිසම

2022 වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛනය සහ උප නාමලේඛනය සහතික කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති අධිනීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.

යාපනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණ ආඥා පනතට අනුව ඊයේ (21) සිට මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය පවරා ඇති බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.