27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

ජනපති හා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ඊයේ (20) පැවැත්විණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර් යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර් ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (James cleverly) විසින් චර් චි හවුස්හිදී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ 18 වැනිදා එක් වූ අතර එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.