― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalණයහිමියන් සමඟ එකඟ වෙන කරුණු මොනවාදැයි හර් ෂ අසයි

ණයහිමියන් සමඟ එකඟ වෙන කරුණු මොනවාදැයි හර් ෂ අසයි

මෙරට රජය ණයහිමියන් සමඟ යම් එකඟතාවකට පැමිණෙන්නේ නම් ඊට පෙර එම කරුණු පිළිබඳව පාර් ලිමේන්තුව දැනුවත් කළ යුතු බව පාර් ලිමේන්තු මන්ත්‍රී හර් ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පාර් ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර් ෂ ද සිල්වා මෙසේද කීය.

ශ්‍රී ලංකා රජය IMF සමග සිදුවූ එකඟතාවය තමයි සියලුම ණයහිමියන් සමග විවෘත සාකච්ඡාවක් කරනවා කියලා සිකුරාදා.. රොයිටර්ස් වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමග ණය කපාහැරීමේ (ප්‍රතිව්‍යුහගත කිරීමේ) වැඩසටහනකට රජය එකඟ වෙනවා නම් ඒකට මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තෙම එකඟතාවය අවශ්‍ය බව මම දැඩිව විශ්වාස කරනවා.

මොකද මේ රජය තව කොච්චරකල් තියෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ වගේ අර් බුදකාරී අවස්ථාවලදී රජයවල් පෙරළෙනවා. අපි සංවේදී කාරණා ඉල්ලන්නේ නැහැ. නමුත් කොයි දිශාවටද අපි ගමන් කරන්නේ, මොකක්ද ණය හිමියන්ට කියන්න යන්නේ.. ඒක අපි දැනුවත් වුණොත් වඩා හොඳයි.

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා සාකච්ඡා කරන ප්‍රථම වතාව තමයි මේක. මේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා දැඩි කොන්දේසි අපිට අනුගමනය කරන්න සිද්ධවෙනවා. ඒවා පාර් ලිමේන්තුවේ සම්මත කරගන්න සිද්ධවෙනවා. එහෙම නැතුව කරන්න බැහැ.