― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදරුවන්ට, ගැබිණි මව්වරුන්ට පිළිකාකාරක අඩංගු ත්‍රිපෝෂ බෙදලා!

දරුවන්ට, ගැබිණි මව්වරුන්ට පිළිකාකාරක අඩංගු ත්‍රිපෝෂ බෙදලා!

මේ වන විට දරුවන්, මව්වරුන් සහ ගර් භණී මව්වරුන් වෙනුවෙන් බෙදා හැරීමට, සෞඛ්‍ය වෛද්‍ය කාර් යාලවලට යවා ඇති ත්‍රිපෝෂ නැවත එකතු කර ගනිමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

එම ත්‍රිපෝෂවල ඇෆලටොක්සීන් නම් රසායනිකය අධික ලෙස අන්තර්ගත වීම නිසා මෙලෙස එම ත්‍රිපෝෂ එකතු කරගන්නා අතර මෙම රසායනිකය ශරීරගත වීමෙන් අක්මාව ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීම, අක්මාව හානි වීම සහ දරුවන්ගේ ශරීර වර් ධනය බාල වීම වැනි තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතී.

සම්මතය අනුව වයස අවුරුදු 1ට අඩු දරුවන්ගේ ආහාරවල මෙම රසායනික තත්ත්වය පැවතිය යුත්තේ කොටස් දසලක්ෂයට කොටස් එකක් බවත් වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ ආහාරවල එම අගය පැවතිය යුත්තේ කොටස් දසලක්ෂයට කොටස් පහක් බවත් මව්වරුන්ගේ ආහාරවල එම අගය සඳහන් විය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් 30ක් බවත් නමුත් මෙම ත්‍රිපෝෂ තොගයේ අඩංගු ඇෆලටොක්සීන් ප්‍රමාණය එම සම්මතයන් ඉක්මවා ඇති බවත් සභාපතිවරයා අනාවරණය කරයි.

ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සඳහා එවා තිබූ ත්‍රීපෝෂ නම් වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලවලින් මේ දිනවල එකතු කරමින් සිටිනවා. හදිසියේම මේ ආකාරයට ගබඩා කර ඇති ත්‍රීපෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න අපි විසින් සොයා බැලීමක් කළා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රීපෝෂ වල ඇෆලටොක්සීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු වී තිබෙන බවයි.

අවසනාවක තරම වන්නේ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලවලට පසුගිය කාලයේ එවා තිබූ ත්‍රීපෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන්. එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රීපෝෂවලින් වැඩි ප්‍රමාණයක් ළදරුවන් සහ මව්වරුන් ආහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක තත්ත්වයක්. අපිට තියන ප්‍රශ්නය වන්නේ වර්තමානය වන විට අප රට තුළ කුඩා දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයේ ගැටළුවක් තිබෙන බවට හදුනා තිබෙන විටත් මේ ආකාරයේ විනාශකාරී ක්‍රියාවක් සිදු කළේ කව්රුන්ද යන්න කියන එකයි.

ඇෆලටොක්සීන් නම් වූ විෂ කාරයක අඩංගු ත්‍රීපෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරන්න කැමතියි. එමෙන්ම මේ වන විට වෙළදපල තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇෆලටොක්සීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගු වී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්. කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළදපළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයින්ට එරෙහිවත් නීතිමය ක්‍රියා මාර්ග ගන්න අපි සුදානම් වී සිටිනවා.”