― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදියවැඩියාව මට්ටු කරන නව ඖෂධයක් සොයා ගැනේ

දියවැඩියාව මට්ටු කරන නව ඖෂධයක් සොයා ගැනේ

රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර් යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබේ.

කෝවක්කා ශාකයේ රසායනිකයන් පිළිබඳ දීර් ඝ කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනයකින් පසුව මෙම ඖෂධය නිපදවීමට හැකිවූ බව පර් යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය පීඨයේ ජෛව රසායාන විද්‍යා අංශයේ මහාචාර් ය අනෝජා අත්තනායක පැවසුවාය.

පර් යේෂණ කණ්ඩායම පවසන්නේ කෝවක්කා පත්‍රයේ රසායනිකයන් හඳුනාගෙන වෛද්‍ය පර් යේෂණ මගින් ඖෂධයක් නිපදවා ඇතත් කෝවක්කා පැළෑටිය අසාමාන්‍ය ලෙස ආහාරයට නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කරාපිටියේ පිහිටි එම සරසවියේ වෛද්‍ය පීඨයේ ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණි.

පර් යේෂණයේ ප්‍රතිඵල අනුව කෝවක්කා ශාක පත්‍රයේ රසායනිකයන් රුධිරගත සීනි අඩු කිරීමට සමත්වන බව පර් යේෂකයින් තහවුරු කරගෙන ඇති අතර එමගින් ඖෂධීය කරලක් නිපදවීමට ඔවුන් පියවර ගෙන ඇත.

දියවැඩියා රෝගීන් 158 දෙනෙකු යොදා ගනිමින් මෙම ඖෂධය සායනික පර් යේෂණ සඳහා යොමුකර තිබේ.

මෙම ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර ඇති බව පර් යේෂණයට එක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර් ය තිලක් වීරරත්න පැවසීය.

ඉදිරියේදී මෙම ඖෂධය වෛද්‍ය පීඨය මැදිහත්ව වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවත් ඔවුන් පවසයි.