26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපඩි ගෙවන්නවත් රජයට සල්ලි නැහැ - බන්දුල ගුණවර් ධන

පඩි ගෙවන්නවත් රජයට සල්ලි නැහැ – බන්දුල ගුණවර් ධන

පවතින මූල්‍ය අර් බුදය හේතුවෙන් රජයේ සේවකයන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

පොල්ගහවෙල කුරුණෑගල දුම්‍ රිය මාර් ගය ද්විත මාර් ගයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව මූල්‍ය විනය පවත්වා ගැනීමේ කොන්දේසිය මත මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම සිදු කළ නොහැකි බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

රාජ්‍ය ආදායම ඇනහිටීම හේතුවෙන් මේ වර් ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවත් මාර් ග සංවර්ධන අධිකාරියේ නිම වූ ව්‍යාපෘතිවලට අදාළ රුපියල් බිලියන සියයකට අධික ගෙවීම් කිරීමට ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.