31.7 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිස්සුන්ට සහන දෙන්නේ මැරුණට පස්සෙද? - අසේල සම්පත්

මිනිස්සුන්ට සහන දෙන්නේ මැරුණට පස්සෙද? – අසේල සම්පත්

රජය විසින් මහජනතාවට ලබාදෙන බවට පොරොන්දු වූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා සහන ලබාදිය හැක්කේ මහජනතාවගේ මරණයෙන් පසුව බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මිනිසුන් ජීවත්ව සිටියදී අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සහන නොලැබෙන බවත් දේශපාලකයන්ගේ පොරොන්දු නිසා රට දිනෙන් දින ව්ළපල්ලට යමින් ඇති බවත්ය.

එමනිසා හැකි ඉක්මනින් ආණ්ඩුව විසුරුවා හැර ජනතාවට සහන සැලසීමට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් පත් කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් සහ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.