32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදලේ අගය අවප්‍රමාණය වීමෙන් ලංකාව ලොව තුන්වැනි තැනට

මුදලේ අගය අවප්‍රමාණය වීමෙන් ලංකාව ලොව තුන්වැනි තැනට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදලේ අගය අවප්‍රමාණය වීම අතින් ලොව තුන්වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර් ය ස්ටීව් හැන්කේගේ දත්ත වාර් තා මේ බව පෙන්වා දෙයි.

එම වාර් තාවට අනුව සිම්බාබ්වේ රාජ්‍යයට පළමු ස්ථානය හිමිව ඇති අතර සිම්බාබ්වේ මුදලේ අගය ඇමෙරිකනු ඩොලරයට සාපේක්ෂව 73.33%කින් අවප්‍රමාණය වී තිබේ.

මුදලේ අගය 57.65%කින් අවප්‍රමාණය වී කියුබාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.

ඒ දේශීය රුපියල 47.79%කින් අවප්‍රමාණය වීම හේතුවෙනි.