― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරජයේ සේවකයන් 300ක් රැකියා සඳහා විදෙස්ගත වෙයි

රජයේ සේවකයන් 300ක් රැකියා සඳහා විදෙස්ගත වෙයි

රජය නිකුත් කළ නවතම චක්‍රේලේඛයට අනුව රජයේ සේවකයන් 300ක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය පවසයි.

ඇතැම් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට අයත් පුද්ගලයන් මෙලෙස රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

රජය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව වෙනත් රටවල රැකියා සඳහා යන රජයේ සේවකයන්ට වසර 05ක වැටුප් රහිත නිවාඩු ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.