30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයින් 10,000කට මැලේසියාවේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින් 10,000කට මැලේසියාවේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර් ථික අර් බුදය සැලකිල්ලට ගෙන මෙරට කම්කරුවන් 10,000ක් බඳවා ගැනීමට මැලේසියාව එකඟ වී ඇතැයි මැලේසියානු මානව සම්පත් අමාත්‍ය ඩටුක් සේරි එම් සරවනන් පවසයි.

ඒ මහතා අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය කම්කරුවන් 10,000 ක කෝටාවක් ඇතුළත් නිල අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි.

ආර් ථික අර් බුදයෙන් දරුණුවට බැට කා ඇති ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට සැප්තැම්බර් 14 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී එකඟ වූ බව පැවසූ ඔහු මැලේසියානු කර් මාන්තකරුවන්ගෙන් සහ සේවා ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රමිකයන් සේවයේ යොදවා රජයේ යහපත් චේතනාවට සහාය දෙන ලෙසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] හෝ [email protected] වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.