― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅත්‍යාවශ්‍ය ඖෂධ 91ක හිඟයක් තිබෙනවා - කෙහෙළිය රඹුක්වැල්ල

අත්‍යාවශ්‍ය ඖෂධ 91ක හිඟයක් තිබෙනවා – කෙහෙළිය රඹුක්වැල්ල

අත්‍යාවශ්‍ය ඖෂධ 383න් ඖෂධ 91ක හිඟයක් තිබෙන බවත් කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමේ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ ඊයේ (21) පාර් ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජීවිත ආරක්ෂක බෙහෙත් වර් ග 14ක් තිබෙනවා. ඒ 14 මේ අවස්ථාවේ අපි ළඟ තියෙනවා. ඒ තියනවා කිව්වාම මාස 06ක හෝ මාස 03ක ගබඩා කරලා නෙවෙයි. දැනට පාවිච්චියට ගන්න පුලුවන් ප්‍රමාණයට තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නෑ සියලු විදියටම, අංග සම්පූර්ණ ලෙස ස්ටොක් තියෙනවා කියලා.

මේ ඉදිරි සති කිහිපය තුළ මේක නිවැරදි කරගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම අත්‍යාවශ්‍ය ඖෂධ තියෙනවා 383ක්. ඒ 383 මේ වන විට 91ක හිඟයක් තිබෙනවා. ඒත් අපිට තවමත් පාලනය කර ගන්න බැරි තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. ඒක පාලනය කර ගන්න පුලුවන්. නමුත් ඉදිරි සති කිහිපය තුළ බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම නිවැරදි කරලා අංග සම්පූර්ණ ප්‍රමාණය අවම වශයෙන් මාස 03ක හෝ මාස 06ට ගබඩාවල තබා ගන්න. බාධක ගොඩක් තිබෙනවා. ප්‍රශ්න ගොඩක් තිබෙනවා