― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅරගලයකින් තොරව දූෂිත දේශපාලඥයින් ගෙදර යවන්න බැහැ - සරත් ෆොන්සේකා

අරගලයකින් තොරව දූෂිත දේශපාලඥයින් ගෙදර යවන්න බැහැ – සරත් ෆොන්සේකා

අරගලයකින් තොරව දූෂිත දේශපාලඥයින් ගෙදර යැවිය නොහැකි බවත් ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිඳු උවමනාවක් නැති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර් ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමිනි.

අප කොතරම් උත්තරීතර පාර් ලිමේන්තුව කියා කිව්වත් එය රටේ මහජනතාව පිළිගන්නේ නැහැ. ඉටිපන්දමේ සිට ගුවන් විදුලි යන්ත්‍රයක්, රූපවාහිනියක් දක්වා සෑම භාණ්ඩයකම මිල අද වෙද්දි අධික ලෙස ඉහළ ගිහින්. වාහනයක ටයරයක් අලුතෙන් දමා ගැනීමට සාමාන්‍ය මිනිසෙකුට පඩි 4ක් පමණ වැය කළ යුතුයි. සෑම ගැටලුවකටම IMF කිය කිය හිටියට ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිදු විසඳුමක් නැහැ.

මේ අර් බුද හමුවේ මහජනතාවට නිවසට වී ඈනුම් අරිමින් ඉන්න බෑ. ඒක නිසා මෙහෙම අවස්ථාවලදී ජනතාව කැරලි ගැසීම අසාධාරණ නෑ කියලයි මං හිතන්නේ. IMF හෝදලා තම්බලා පානය කළ පමණින් මේවා කළ කරන්න බැහැ.
කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා රටේ ගොවියා හා සමස්ත කෘෂිකර්ම මාන්තයම විනාශ වුණා. ගෝඨාභය රාජපක්ෂට ගෙදර යාමට සිදු වුණේ කාබනික ප්‍රතිපත්තිය නිසයි. එහෙම වෙලත් සමහර ජනතා නියෝජිතයන් ලජ්ජාවක් නැතිව තවමත් කාබනික පොහොර ගැන කතා කිරීම හාස්‍යයක්.

මේ හැම අර් ගිදයකටම හේතුව දූෂිත දේශපාලන සංස්කෘතිය හරහා පාර් ලිමේන්තුවට පැමිණි දූෂිත දේශපාලඥයන්. එවැනි දූෂිත දේශපාලඥයන් සියයට පනහක් පමණ තවමත් සිටිනවා. මෙම දූෂිත දේශපාලඥයන්ගෙන් රට ගලවා ගැනීම සඳහා අරගලය නැවතත් පෙරට පැමිණිය යුතු බව යුතුයි. එම දූෂිත දේශපාලඥයන් ඡන්දයකින් ගෙදර යවන්න බැහැ. එම දූෂිත දේශපාලඥයන් බිය වන්නේ අරගලයට පමණයි. මොන තරම් රට අර් බුදයකට ගියත් පාලකයෝ සොරකම, ජාවාරම, අශීලාචාරකම නැවැත්වීමට තීරණය කරලා නැහැ. අරගලය හරහා රට බේරා ගන්නා ජනතාවටත් අරගලයටත් ජය වේවා!”