30 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"ආණ්ඩුවේ 134කගෙන් ජනාධිපති වෙන්න මට උවමනාවක් නෑ හලෝ. පිස්සු කතා කරන්නේ නැතුව...

“ආණ්ඩුවේ 134කගෙන් ජනාධිපති වෙන්න මට උවමනාවක් නෑ හලෝ. පිස්සු කතා කරන්නේ නැතුව ඉන්නවා”

ආණ්ඩුවේ සිටින 134කගේ ඡන්දයෙන් තමාට ජනාධිපති වීමට තමාට උවමනාවක් නැති බවත් මීලඟ මැතිවරණයේදී ජනතාව හරි තීරණයක් ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

නේවාසිකව සිටින රෝගීන්ට කිරි සැපයීම නවත්වන ලෙසත් මුහුදු මාළු වෙනුවට වැව් මාළු දෙන ලෙසත් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා සභාව විසින් රෝහල්වල චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (22) පාර් ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.

මුහුදු මාලු වෙනුවට වැව් මාලු දෙන්න කියන කතාව එතකොට පාර් ලිමේන්තුවට අදාළද? මොන ලැජ්ජ නැති වැඩක්ද මේක. මම සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලනවා වහාම මේ චක්‍රලේඛය ඉවත් කරන්න කියලා. ඔය පත්කරපු රාජ්‍ය ඇමතිවරු අස්කරලා එයාලය වැයවන මුදල් මේ ලෙඩ්ඩුන්ට මාලු ගන්න යොදවන්න පුළුවන්නේ. අපිටත් කිව්වා අගමැතිකම් ගන්න එන්න කියලා. තමුන්නාන්සේලා 134කගෙන් ජනාධිපති වෙන්න මට උවමනාවක් නෑ හලෝ. පිස්සු කතා කරන්නේ නැතුව ඉන්නවා. තමුන්නාන්සේලා රට පාවාදෙන මිනිස්සු. ඡන්දයක් තියෙනවනෙ. එතකොට මහපොළොවෙ යථාර්ථය තේරෙයි.”