23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජතෙල් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙන්න

ඛනිජතෙල් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙන්න

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (22) පාර් ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මඟින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවයි. මේ අතර පාර් ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම් පතට, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.