31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (21) වාර් තා කළේය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ නිව්යෝර්ක් හි නීතිපතිනී ලෙටිෂියා ජේම්ස් විසින් බව වැඩිදුරටත් තොරතුරු වාර් තා විය.

ව්‍යාපාරික වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව මෙලෙස නඩු ගොනුකරන බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විසින් ධනවත් වීම සඳහා ගත් එම ක්‍රියාමාර් ග සඳහා වසර 10කට අධික කාලයක සිට ට්‍රම්ප් පදනමේ අරමුදල් වංචා සහගත ලෙස භාවිත කර ඇති බවයි වාර් තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙය තවත් මායාකාරී දඩයම් කිරීමක් ලෙස මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. වසර තුනක සිවිල් විමර්ශනයකින් පසුවයි ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨතම නීතීඥවරිය වන නිව්යෝර් ඛි නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් මෙම නඩුව ඉදිරිපත් කර ඇත්තේ.