24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොවැම්බරයේදී සිපෙට්කෝ පිරවුම්හල් රැසක් පෞද්ගලික අංශයට

නොවැම්බරයේදී සිපෙට්කෝ පිරවුම්හල් රැසක් පෞද්ගලික අංශයට

ලබන නොවැම්බර් මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදීය.

එම සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට සහ ඉන්ධන අළෙවි කිරීමට බලය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් 24න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට අවස්ථාව දීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.