― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිත්තරයක් රුපියල් 75ක් දක්වා වැඩි විය හැකියි

බිත්තරයක් රුපියල් 75ක් දක්වා වැඩි විය හැකියි

සත්ත්ව ආහාරවල මිල ඉහළ යාම හේතුවෙන් මෙරට බිත්තර හා කුකුළු කර් මාන්තය විශාල ලෙස පහත වැටී ඇති බව ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලයේ සභාපති මහාචාර් ය එච්.ඩබ්ලිව්. සිරිල් පැවසීය.

මේ වනවිට කුකුළන්ද විශාල ලෙස අඩු වී ඇති අතර බිත්තර හා කුකුළු කර් මාන්තය තවත් ඉදිරියට පවත්වාගෙන යාමට දැඩි අර් බුදයකට ලක්ව තිබේ.

බිත්තර සඳහා මිල පාලනය ක්‍රියාත්මක කිරීමට පෙර වාණිජ අමාත්‍යාංශය පශු සම්පත් සංවර් ධන මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන නැති අතර බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 49 ක්+කට යටත්ව රජය විසින් පාලන මිලක්ද පසුගියදා පනවනු ලැබීය.

ඒ අනුව සුදු බිත්තරයක රුපියල් 43කටද, රතු බිත්තරයක් රුපියල් 45කටද වන ලෙස බිත්තර අලෙවි කරනු ලැබේ.

වාර් ෂිකව බිත්තර දමන කිකිළියන් 80,000ක් නිපදවන නමුත් බිත්තර ආහාර නොමැතිකම හේතුවෙන් එම සංඛ්‍යාව මේ වන විට 10,000 දක්වා පහත වැටී ඇත. මේ හේතුවෙන් ඉදිරි කාලය තුළ බිත්තරයක මිල රුපියල් 75 දක්වා ඉහළ යනු ඇති බව එච්.ඩබ්ලිව්. සිරිල් අවධාරණය කළේය.