26 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිදියගම සෆාරියේ දෙවැනි කොටස 04 වැනිදා සිට විවෘත කෙරේ

රිදියගම සෆාරියේ දෙවැනි කොටස 04 වැනිදා සිට විවෘත කෙරේ

රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස ඔක්තෝබර් 04 වැනිදා සිට ජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර් ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සත්වෝද්‍යාන දෙපාර් තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඔක්තෝම්බර් 04 වැනිදාට යෙදී ඇති ලෝක සත්ත්ව දිනයට සමගාමීව මෙය විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානයේ දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ මුළු භූමි ප්‍රමාණයෙන් අක්කර 34ක කොටසක් පමණි.

04 වැනිදා විවෘත කිරීමට යෝජිත කොටස කළාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් (ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර් ගා සඳහා වන කලාපයක් හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කලාපයක් ද මෙම කොටසෙහි ඉදි කර තිබේ.