― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනාගත පරපුර වෙනුවෙන් ආර් ථික අර් බුදය ජය ගැනීම මගේ අපේක්ෂාවයි

අනාගත පරපුර වෙනුවෙන් ආර් ථික අර් බුදය ජය ගැනීම මගේ අපේක්ෂාවයි

ආර් ථික අර් බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර් ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ සහතික වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර් යාලයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්වූ බව එම මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර් ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර් බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවටද විශ්වාසය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර් ථික අර් බුදය බවත් එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර් ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බවත් රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී තානාපතිවරුන් හමුවේ පැවසීය.