― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsචීනයෙන් අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් මෙරටට

චීනයෙන් අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් මෙරටට

අද (23) චීනයේ සිට මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 500 කට ආසන්නයි.

වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් හා මාස 06 කට ප්‍රමාණවත් ජලභීතිකා එන්නත් තොගයක්ද එහි අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.