27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජාතික සභාවේ සාමාජිකයින් ලැයිස්තුව මෙන්න

ජාතික සභාවේ සාමාජිකයින් ලැයිස්තුව මෙන්න

පසුගියදා පාර් ලිමේන්තුවේදී සම්මත කරගත් ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර් ධන විසින් අද (23) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එය සාමාජිකයින් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ඩලස් පාර්ශවය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක් මේ සඳහා නම්කර නො තිබීමද විශේෂත්වයක්.

ජාතික සභාවේ සභාපති ධුරය කථානායකවරයා විසින් දරනු ලබන අතර එහි සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාද ඇතුළත්.

ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර් ය තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර් ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන් පාර් ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත් කර තිබේ.